පළාත් පාලන සීමා – සභික ගැසට් නිවේදනයට අතුරු තහනමක් පනවයි..
පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) දෙසැම්බර් 04 වැනිදා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ ඡන්දදායකයන් 06 දෙනෙකු ගොනුකළ පෙත්සම සලකා බැලු ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.
මේ අනුව පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීම ආදි සියල්ල අත්හිටුවෙනු ඇති අතර මැතිවරණය පැවැත්වීමද දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.
මෙම 27 වන දින නාම යෝජනා කැදවීම නිවේදනය කරන බව මීන් පෙර ප්‍රකාශ කළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම තහනම් කරන ලද නිසා මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බලයක් නොමැති වෙයි.